හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.
අද පැවති සමගි ජන බලවේගයේ මුල්ම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒ මහතා මෙලස එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.
එහිදී එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරටද ඒ මහතා පත් කර ඇති බව වාර්තා වේ.
පක්ෂයේ සභාපති ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද මෙහෙයුම් ප්‍රධානී ලෙස සහ නියෝජ්‍ය සභාපති ලෙස හරීන් ප්‍රනාන්දු යන මහත්වරු පත්ව සිටිති.