කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ.
රාජ්‍ය අමාත්‍යවරයාගේ ආශ්‍රිතයන් ලෙස නිරෝධායනය වෙමින් සිටි ඇමැති ආරක්ෂක නිලධාරියකු හා ආධාරකරුවෙකුට සිදු කරන ලද පි.සී.ආර් පරීක්ෂණයකින් ඔවුන් දෙදෙනා ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.
ආසාදිත වී ඇති ආධාරකරු රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස සමීපයේ පදිංචිකරුවෙකු වන බවද සෞඛ්‍ය අංශ සඳහන් කරන බව වාර්තා වේ.
ආරක්ෂක නිලධාරියා හා ආධාරකාර පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.