May 02, 2024

පළාගිය ආසාදිතයා සොයාගනී

ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යෑමට සුදානමින් සිටිය දී කටුනායක වලානගොඩ ප්‍රදේශයේ තම නවාතැන් පොළෙන් පැනගිය කොවිඩ් ආසාදිතයා සොයා ගෙන තිබේ.

පළාගොස් සිටි කොරෝනා අසාදිතයා අද (22) උදෑසන කටුනායක 18 කණුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පැනගිය ආසාදිතයා කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු 25 හැවිරිදි අයෙක් වන අතර සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් ආසාදිතයකු බව හඳුනා ගෙන තිබේ.

මොහු පදවිය, බෝගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Rate this item
(0 votes)