July 03, 2024

පොලිසිය කුණු ලොරියකින් 'ජුසේවාස් පියතුමාව' උස්සයි - කලුතර ආගමික කණ්ඩායම් නොසන්සුන්

September 21, 2014
කලුතර කටුකුරුන්ද ප්‍රදේශයේ කතෝලික සහ බෞද්ධ කණ්ඩායම් දෙකක් අතර මේවන විට දරුණු ගැටුම් හට ගෙන ඇත.මේ හේතුවෙන් තත්ත්වය පාලනය කිරීමට විශේෂ කාර්ය බලකාය හා ශ්‍රී ලංකා හමුදාව කැඳවා ඇත.ලබන වසරේ අතිඋතුම් පාප් වහන්සේ  ලංකාවට වැඩම කරමින්  ශුද්ධාත්මභාවයට ඇතුලත් කිරීමට නියමිත ජුසේ වාස් පියතුමාගේ පිළිරුවක් හේතුවෙන් මෙම ගැටුම හට ගෙන තිබේ.
 
ජුසේවාස් පියතුමා එදා ලංකාවට වැඩම කර කලුතර කටුකුරුන්ද හා කලමුල්ල ප්‍රදේශ වල දේශනා පැවැත්වීම සිහි කරමින් කලුතර කටුකුරුන්ද රෝමානු කතෝලික පාසැල අභියස පියතුමන්ගේ පිළිරුවක් තැන්පත් කල අතර දහවල් වනවිට එම පිළිරුව කලුතර පොලිසිය විසින් ගලවාගෙන ගොස් ඇත.එම පිළිරුව පටවාගෙන පොලිසිය වෙත ගෙන ගොස් ඇත්තේ නගර සභාවේ කුනු අදින ට්‍රැක්ටරයකිනි.එම ක්‍රියාටවට කතෝලික පිරිස් විරෝධතාවය දැක්වූ අතර බෞද්ධ යයි කියනු ලබන කණ්ඩායමක් එහි පැමිණ ආරවුලක් ඇති කර ගෙන තිබේ.මේ වන විටත් ඇතැම් පිරිස් ලේ පෙරමින් සිටිනා බැව් වාර්තාවේ.
 
කතෝලික පියතුමන්ලා ,විශේෂ කාර්ය බලකාය හමුදාව, පොලිසිය හා බොදුබල සේනා සංවිධානය මේවන විට සාකච්ඡා කරමින් සිටින අතර කතෝලික පිරිස් සඳහන් කළේ බොදුබල සේනා සංවිධානයට ගැටුම සඳහා පොලිසියේ ආරක්ෂාව හිමිවූ බවය.
(වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න)
 
(තොරතුරු -එමිල් රෝහන්)
Rate this item
(1 Vote)
Last modified on Sunday, 21 September 2014 19:59