ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා සිය ජීවිතය පරදුවට තබා සටන් කළ පුද්ගලයෙක් බවට උදය ගම්මන්පිල අමාත්‍යවරයා චරිත සහතිකයක් ලබා දී තිබේ.
ජාතිය, ආගම කුමක් වුවත් නිවැරදිකරුවන් නිදහස් කළ යුතු බවත් වැරදිකරුවන්ට දඬුවම් දිය යුතු බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා රංජන් රාමනායක නීතියේ ආධිපත්‍ය පිළිබඳව ජනතාව තුළ තියෙන විශ්වාසය බිද හෙලීමට සැලසුම් සහගතව කටයුතු කළ පුද්ගලයකු බව ද අවධාරණය කරයි.
එනිසා පිල්ලෙයාන් හා රංජන්ව සංසන්දනය කිරීම පිල්ලෙයාන්ට කරණ අපහාසයක් බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
උදය ගම්මන්පිල අමාත්‍යවරයා මේ අදහස් පල කලේ පිල්ලෙයාන් එලියට එනවිට රන්ජන් ඇතුලට දැමීම පිළිබඳව නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.