රන්ජන් රාමනායකට වසර එකොළහක් යන තුරු ප්‍රජා අයිතිය අහිමි වන බැවින් එම කාලය තුළ ඔහුට කිසිදු මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකි බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි වන්නේ සිර දඬුවම් දී ඇති වසර හතරද ඇතුළුව ඉදිරි වසර හතක්ද සමඟ බවය.
රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන්නේ ඔහුට දඬුවම් නියම වූ දිනයේ සිට මාස හයකට පසු වන අතර ඔහුට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට අයිතියක් නොමැති බවත් හෙතෙම කීවේය.
මෙය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් බැවින් ඔහුට අභියාචනා කිරීමටද නොහැකි බවත් කීවේය.