අද දින පැවති නිලවරණයේදී මාතලේ දිස්ත්‍රික්කයේ අම්බොක්ක ශ්‍රී පත්තිනි දේවාලයේ අභිනව බස්නායක නිලමේවරයා වශයෙන් නීතිවේදී රයන් ධනුෂ්ක බණ්ඩාර වලිසුන්දර මහතා නිතරගයෙන් තේරී පත් විය.
මීට වසර 35 කට ප්‍රථමව ඒ මහතාගේ පියාණන් විසින් එවකට මෙරට ලාබාලතම බස්නායක නිලමේ වරයා ලෙසින් තේරී පත්ව තබා තිබූ වාර්තාව අභිබවා යාමට රයන් ධනුෂ්ක බණ්ඩාර වලිසුන්දර මහතාට හැකි විය.
ඒ මහතා වර්තමානයේ මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේතුමන් හා වර්තමානයේ මෙරට ජේෂ්ඨතම බස්නායක නිලමේ වරයාද වන දේශමාන්‍ය ගැමුණු ටී.බී. වලිසුන්දර මැතිතුමන්ගේ දෙටු පුත්‍ර රත්නයයි.