May 19, 2024

මහ ඇමති අපේක්ෂකයන් ඡන්දය දුන් හැටි (PHOTO)

September 20, 2014

ඌව පළාත් සභා මැතිවරණයේ ඌව පළාත් සභා මහ ඇමති අපේක්ෂක හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මොනරාගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (20) සෙල්ල කතරගම ඡන්ද මධ්‍යස්ථානයේදී සුභ මොහොතින් ඡන්දය ප්‍රකාශ කළේය.

හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සිය බිරිඳ ලෙක්ෂිකා රාජපක්ෂ මහත්මිය පවුලේ පිරිසක් සමඟ ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ තිබිණි.

ඌව පළාත් එක්සත් ජාතික පක්ෂ මහ ඇමති අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතාද අද සිය ඡන්දය භාවිතා කරන ආකාරය මාධ්‍ය මගින් ආවරණය කර තිබුණි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ මහ ඇමති අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතාද අද සිය ඡන්දය භාවිතා කළේය.

 

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 20 September 2014 15:17