May 19, 2024

"අපි අපරාධකාරයෝ වගේ - වටේම හමුදාව දාලා" - නිරෝදායනය වන සෆාරි රියදුරෝ (VIDEO)

'රජයේ අවශ්‍යතාවය මත කොරෝනා පොසිටිව් සුද්දො රට වටේ යනවා. ඒ සුද්දො පැය තුනක් එක්කගෙන ගියපු සෆාරි රියදුරෝ නිරෝධායන මධ්‍යස්ථානවල සිර කරලා. මේක සම්පූර්ණයෙන් රජයේ මැදිහත්වීමෙන් සිදුවෙන මාෆියාවක්.' බව යුක්රේන සංචාරකයින් සෆාරි රැගෙන ගිය ජීප් රථ රියදුරන් චෝදනා කරයි.

රියදුරන් මෙම චෝදනා එල්ල කරනු ලැබුවේ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යට නිකුත් කරමිනි.

'අපි අවුරුද්දක් විතර කාලයක් ගෙවල්වලට වෙලා හිටියා රස්සාව කරගන්න බැරුව. යන්තං එළියට ආවා විතරයි අපි ආයෙත් හිරකූඩුවල දාලා. රජය ගෙන්නපු යුක්රේන් සංචාරකයො පැය තුනක් අපේ වාහනවල එක්කගෙන ගියපු නිසා අපි රියදුරන් 28 දෙනෙක් තිස්සමහාරාමෙ නිරෝධායන මධ්‍යස්ථානයක දාලා. අපිට කන්න බොන්නවත් නෑ. අපි අපරාධකාරයො ගාණට දාලා යුද හමුදාවෙන් වටේම ආරක්ෂාවට දාලා ඉන්නෙ. අපි මේ ආණ්ඩුව බලයට ගේන්න කඩේ ගියපු මිනිස්සු. හැබැයි දැං අපිට රෙදි නැතුව යන්න වෙලා තියෙන්නෙ.' යනුවෙන්ද සඳහන් කරයි.

Rate this item
(0 votes)