May 19, 2024

ඌවේ දිනන සටන දැනට සාමකාමීයි

September 20, 2014

ඌව පලාත් සභා මැතිවරණයේ ජන්ද විමසීමේ කටයුතු මේ වන විට සාමකාමිව සිදුවන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. 

අද (20) උදෑසන පෙරවරු 7.00 ජන්ද විමසීම ආරම්භවු අවස්ථාවේ පටන් මේ දක්වා බරපතළ සිදුවීම් කිසිවක් වාර්තා නොවන බව හෙතෙම සඳහන් කළේය. 

බස් රථ යොදාගනිමින් සංවිධානාත්මකව ජන්ද දායකයින් ප්‍රවාහනය කිරීමට සැළසුම් කිරීමේ සිදුවීමක් බිබිල ප්‍රදේශයෙන් වාර්තා වන බව රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසී ය.

ජන්ද දායකයින්ගෙන් ජන්දය ආයාචනය කිරීමේ සුළු සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇත. 

 

Rate this item
(0 votes)