May 19, 2024

ඉන්දියානු පෙම්වතිගේ නිරුවත් ඡායාරූප ශ්‍රී ලාංකික පෙම්වතා ප්‍රසිද්ධ කරලා

September 20, 2014

හිටපු ඉන්දියානු පෙම්වතිය ඩිරාම් 10,000ක මුදල් නොදුන්නැයි ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක්කර පසුව ඇයගේ ඥතීන් වෙත එම ඡායාරූප යැවූ ශ‍්‍රී ලාංකික පිහිනුම් උපදේශකයකු සෞදි අරාබියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එම්.ඒ ලෙස හඳුන්වා තිබූ ඉන්දියානු 23 හැවිරිදි තරුණිය සමඟ කලක් තිස්සේ පෙම් සබඳතාවක් තිබූ 34 හැවිරිදි ඒ.බී. ලෙස හඳුන්වා තිබූ ශ‍්‍රී ලාංකිකයා විසින් සබඳතාව බිඳීයාමෙන් පසු හිටපු පෙම්වතියගෙන් වරින් වර මුදල් ඉල්ලා තර්ජනය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඇගේ නිරුවත් ඡායාරූප ඇගේ ඥතීන් වෙත හා අන්තර්ජාලයට මුදානොහැරීමට ඔහු මෙලෙස මුදල් ඉල්ලා තිබේ.

Rate this item
(2 votes)
Last modified on Saturday, 20 September 2014 09:20