April 30, 2024

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක් පිළිබඳ යුද හමුදාවෙන් පැහැදිලි කිරීමක්

December 21, 2020

කුරුවිට යුද්ධ හමුදා කඳවුර තුළ තිබූ බුද්ධ අනුරුවක් විනාශ කළ බවට සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක් පිළිබඳව යුද හමුදාව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ, එම බුද්ධ අනුරුව 2014 වසරේ වාර්ෂික වෙසක් සහ පොසොන් කලාපවල ප්‍රදර්ශනය කිරීම සඳහා බටපතුරු සහ කඩදාසි පල්පවලින් තනන ලද අනුරුවක් බවය.

වසර ගණනාවක් වෙසක් කලාපවල ප්‍රදර්ශනය කිරීමෙන් පසු තවදුරටත් ප්‍රදර්ශනයට නුසුදුසු තත්ත්වයට පත්වී ඇතැයි ද යුද හමුදාව සඳහන් කරයි.

ඒ අනුව කුරුවිට ගැමුණු හේවා මූලස්ථාන බලඇණි කඳවුරේ තිබූ එම බුද්ධ අනුරුව කුරුවිට කාහේන්ගම ශ්‍රී බෝධි මාලකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගරුතර දොඹවල සිරි විජේඥාන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා ලබාගෙන නිසි ආගමික වත්පිළිවෙත් සිදුකර දෙසැම්බර් මස 16 වන දින අනුරුව ඉවත්කළ බව යුද හමුදාව වැඩිදුරටත් නිවේදනය කරයි.

Rate this item
(0 votes)