July 03, 2024

සපත්තු කැඩුණු ඇමති කියන කතාව

September 18, 2014

චීන ජනධිපතිවරයා මෙරටට පැමිණි අවස්ථාවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති උත්සවයේදී කැඩුණු සපත්තු යුගලක් පැලඳගෙන සිටීම පිළිබඳ සංස්කෘතික සහ කලා කටයුතු පිලිබඳ අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා ප්‍රකාශයක් සිදු කර තිබේ.

අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එම උත්සව අවස්ථාවට සහභාගී වීම සඳහා ජාතික ඇඳුමට ගැලපෙන සපත්තු යුගලක් පැලඳයාමට අවශ්‍ය වූ බැවින් තමා සතුව තිබූ පරණ සුදු පැහැති සපත්තු යුගලක් සොදා පිරිසිදු කර දෙන ලෙස සේවකයෙකුට පැවසූ බවයි.

පසුව එම සපත්තු යුගල පැලඳ උත්සවයට සහභාගීවීමේදී එම සපත්තු යුගලේ අඩිය කැඩී ඇති බව දැණුනු බවත් එහෙත් සපත්තුව කැඩීයාමෙන් පා තැබුවේ තම මව්බිමට බවත් අමාත්‍යවරයා පැවසී ය.    

16 වැනි දා පස්වරු 7.00ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී  ජනාධිපති ෂී ජින්පින් මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙරටේම නියෝජිතයින් සහ මැතිඇමතිවරුන් ඉදිරියේ ආරම්භ වුණු උත්සවයක දී සංස්කෘතික සහ කලා කටයුතු පිලිබඳ අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පැලඳ සිටි සපත්තු කැඩී යාමෙන් අපහසුතාවයකට පත්විය.   

අවසානයේදී ගිවිසුම අත්සන් කර ඇත්තේද කැඩුණු සපත්තු යුගලද පැලඳගෙන වන අතර අමාත්‍යවරයා ගිවිසුම් අත්සන් කරන ස්ථානයට ගොස් ඇත්තේ කකුල් දෙක නිරාවරණය වී තිබියදීය.

Rate this item
(1 Vote)