April 30, 2024

ලංඩනයේ කොටි බල කොටුවක ප්‍රභාකරන්ගේ රෑපය ගැලවූ දේශප්‍රේමී ලාංකිකයෝ

December 01, 2020

ලංඩනයේ කොටි බල කොටුවක් වන වෙම්බ්ලි නගර මධ්‍යයේ ප්‍රධාන පාරට ආසන්නයේ බෙස්ට් ෆුඩ් (Best Foods) හා ඇන්ග්ලෝ ඒෂියන් (Anglo Asian) කඩ සාප්පු පිටුපස පිළිකන්නට වෙන්න ප්‍රදර්ශණය කර තිබු කොටි නායක ප්‍ර‍රභාකරන්ගේ අඩි හයක් පමණ උසට නිර්මාණය කර තිබු ඡායාරෑපය සහ කටඅවුටය බ්‍රිතාන‌්‍යෙයේ ශ්‍රී‍ ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හා දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයින්ගේ මැදිහත් වීමෙන් ඉවත් කිරීමට ලංඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසියේ විශේෂ ත්‍රස්ත මර්ධන ඒකකය කටයුතු කළහ. ප්‍රභාකරන්ගේ උපන් දිනයට සමගාමිව ලොව පුරා වෙසෙන කොටි හිතවාදීන් සිහින ඊළාම් රාජ්‍යයේ මහවිරු දිනය කේන්ද්‍ර කර ගෙන මියගිය කොටි හිතවාදීන් සමරණ විවිධ උත්සව අතරට ලංඩනයේ කොටි හිතවාදීන්ද ඔවුන්ගේ කඩ දෙකක් පිටුපස (Curtis Lane, Wembley, HA0 4FW ) මෙම සැරසිල්ල ඉදිකර තිබුණි. වහාම ක්‍රියාත්මක වූ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය බ්‍රිතානය රජයටත්, ආරක්ෂක අංශ වලටත් දන්වා සිටියේ බ්‍රිතානයේ ත්‍රස්ත මර්ධන නීතිය යටතේ LTTE කොටි සංවිධානය තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් බැවින් එය මෙරට ත්‍රස්ත මර්ධන නීතිය උල්ලංඝණය කිරීමක් බවයි. වහාම ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ කඩ හිමියන්ට පවසා ඇත්තේ වහාම එම රුපය ඉවත් කර ගන්නා ලෙසටය. ඒ අනුව පසුගිය 25 වනදා සවස් වරුවේ ප්‍රදර්ශනය කල ප්‍රභාකරන්ගේ රෑපය ඊට පසු දිනම එනම් ඔහුගේ උපන් දිනය වූ 26 දිනයේ දවල්වරුව වන විට ඉවත්කර ගැනීමට කොටි හිතවාදීන්ටම සිදු විය.

ජනක අලහප්පෙරුම සටහනක්.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 01 December 2020 15:16