April 30, 2024

බටහිර වෛද්‍යවරුන්ද පුදුමයට පත් කරමින් ලංකාවේ වෙද මහතෙකුගෙන් කොරෝනා නසන ඖෂධයක්!

November 29, 2020

ලෝකයේ බොහෝ රටවල කොරෝනා වසංගතය හේතුවෙන් හටගන්නා කොවිඩ්-19 රෝගය වැළැක්වීම සඳහා විවිධ වර්ගයේ එන්නත් සහ ඖෂධ නිෂ්පාදනය කරමින් සිටියි.

මෙරටද දේශීය ඖෂධයන් බොහෝමයක් කොවිඩ්-19 රෝගය වැළැක්වීම සඳහා ඇති බවට බොහෝ පුවත් පළ වුවත් ඒවායේ ක්‍රියාකාරීත්වය ගැටලුවක්ව පැවතුණි.

කෑගල්ල ප්‍රදේශයේ දේශීය වෙද මහතෙකු නිර්මාණය කළ කොරෝනා නසන ඖෂධයක් මේ වන විට සමාජය දැඩි කතාබහකට ලක්ව තිබෙන්නේ එයින් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලැබෙන බවට සනාථ වීමත් සමඟයි.

මෙම ඖෂධයේ සැබෑ ක්‍රියාකාරීත්වය සොයා බැලීම සඳහා බටහිර වෛද්‍යරුන් පිරිසක් ද කටයුතු කර තිබුණි.

ඒ අනුව වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍යරුන් වූ වෛද්‍ය අධිකාරී චූල බණ්ඩාර, වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය භාර වෛද්‍ය ධම්මික කුමාර, කොළඹ ජාතික රෝහලේ සහාකාර අධ්‍යක්ෂක වෛද්‍ය සමිද්දි සමරකෝන් යන මහත්වරුන් මෙම දේශීය ඖෂධ පරික්ෂාවට ලක් කොට තිබුණි.

ඔවුන් එය පරික්ෂාව කර ඇත්තේ වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන ස්වේඡා රෝගීන් 140ක යොදාගනිමිනි. 

පී.සී.ආර් පරික්ෂණවලින් කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුව දින 06ක් ගත වූ රෝගීන් මේ සඳහා යොදාගනිමින් දින 03ක් දවසට දෙවරක් බැගින් මෙම දේශීය ඖෂධය ලබා දීමට ඔවුන් කටයුතු කර තිබුණී.

එම දින 03න් පසුව එම රෝගීන් අතරින් අහඹු ලෙස තෝරාගත් රෝගීන් 10 දෙනෙකු හට නැවත පී.සී.ආර් පරික්ෂණ සිදු කර තිබූ අතර වෛද්‍යවරුන් මවිතයට පත් කරමින් රෝගීන් 10 දෙනාගේම ශරීරවලින් වෛරසය ඉවත්ව ගොස් තිබුණි.

මෙය දෙවන වරට නැවත වරක් පරික්ෂාවට ලක් කිරීම සඳහා ගම්පහ මහ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ මහතාවද මෙම වෛද්‍යවරුන් කණ්ඩායම විසින් සම්බන්ධ කරගෙන තිබේ.

එහිදීද වතුපිටිවල කොවිඩ් මධ්‍යස්ථානයේ ස්වේඡාවෙන් ඉදිරිපත් වූ රෝගීන් 50 දෙනෙකු යොදාගෙන මෙම දේශීය ඖෂධය අත්හදා බලා තිබේ.

එහිදී රෝගීන් 25 දෙනෙකුට මෙම ඖෂධය ලබා දී තිබූ අතර, අනිකුත් රෝගීන් 25 දෙනාට සාමාන්‍ය ප්‍රතිකාර ලබා දී තිබේ.  මෙම රෝගීන් සියලු දෙනා කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී දින 03ක් සහ 04ක් ගෙවුනු අය වෙති.

ඔවුන්ටද දින 03ක් අඛණ්ඩව ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ඔවුන්ගේ අතරින් 31 දෙනෙකුගේ ක්ලේෂ්මපටල පි.සී.ආර්. පරික්ෂණය සඳහා මහරගම අපේක්ෂා රෝහලටත්, තවත් 19 දෙනෙකුගේ ක්ලේෂ්මපටල කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙතටද යවා තිබුණි.

අපේක්ෂා රෝහලේ පි.සී.ආර් ප්‍රතිඵල මේ වනවිට ලැබී ඇති අතර නව දේශීය ඖෂධය ලබාගත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු තුළ කොරෝනා වෛරසය නැති බවත්, නව ඖෂධය ලබා නොදී සාමාන්‍ය ප්‍රතිකාර කළ 15 දෙනෙකු තවමත් කොරෝනාවලට ධනාත්මක බවටද තහවුරු වී තිබේ.

මෙම නව ඖෂධයේ නිර්මාතෘවරයා වන ධම්මික බණ්ඩාර වෙද මහතා පවසා සිටියේ මෙම ඖෂධය ලබා දී දින 03කදී රෝගය නිට්ටාවටම සුව කළ හැකි බවයි. 

පරික්ෂණ වට 02කින් පසුව මෙය සාර්ථක බවට තහවුරු වීමත් සමඟ 03 වන වටයේ පරික්ෂණය සඳහා රජය මේ වනවිටත් මැදිහත් වී තිබේ.

වැඩිදුර විස්තර පහත විඩියෝවෙන්,

Rate this item
(0 votes)