July 03, 2024

විදුලිබිල හා ඉන්ධන මිල අද සිට පහතට

September 16, 2014

අද (16) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල සියයට 25කින් අඩු කරන බවත් ඉන්ධන මිල ගණන් ද අද සිට අඩු කරන බව බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ මේවන විට මෙරටට පැමිණ සිටින චීන ජනාධිපති ෂි ජින් පින්ග් මහතා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ මේවන විට පැවැත්වෙන උත්සවයේදී ය. 

ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 3.00 කින්ද, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5.00 කින්ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20කින්ද අඩු කරන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)