May 18, 2024

කොළඹට කිරි පිටට කැකිරි : 6 වන කැබිනට් අමාත්‍ය ධුරයත් කොළඹට

November 26, 2020

සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමඟ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමතිවරුන්ගේ සංඛ්‍යාව 06 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන් ලෙස කටයුතු කරයි.

මේ වන විට ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව 26ක් වන අතර වීරසේකර මහතාගේ දිවුරුම් දීමත් සමඟ එම සංඛ්‍යාව 27 දක්වා වැඩි විය.

ඒ අනුව ප්‍රතිශතයක් ලෙස ගත් කල කළ කැබිනට් මණ්ඩලයෙන් 22%ක් නියෝජනය කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.ඉතිරි මැතිවරණ දිස්ත්‍රික් 21 සඳහා කැබිනට් මණ්ඩල නියෝජනය 78% කි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පත් කළ හැකි කැබිනට් මණ්ඩලය සංඛ්‍යාව 30ක් වන අතර තවත් පුරප්පාඩු 3ක් එහි ඉතිරිව තිබේ.

Rate this item
(0 votes)

Related items