May 08, 2024

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිව්වන දිනය අද - LIVE UPDATE Featured

November 26, 2020

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිව්වැනි දිනය අද (25) ආරම්භ විය.

කතානායකවරයා මුලසුනට පැමිණීමෙන් පසු සභාවේ වැඩ කටයුතු ආරම්භ විය.

LIVE UPDATE...

කතානායකවරයාගේ පැමිණීමෙන් පසු අයවැය සිව්වනවර කියවීමේ විවාදය ආරම්භ විය.

ලිපි ලේඛන පිළිගැන්වීමෙන් අනතුරුව වාචික ප්‍රශ්න ඇසීම ඇරඹිණි.

සුදත් මංජුල, ශාන්ත බණ්ඩාර, ජගත් කුමාර, ආචාර්ය හරිනී අමරසුරිය යන මන්ත්‍රීවරුන් ප්‍රශ්න අසන ලදී. ඊට ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහාචාර්ය ජි.එල්.පිරිස්, ෂෙහාන් සේමසිංහ යන ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් ඊට පිළිතුරු දෙන ලදී.

පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.

කෘෂිකර්ම අමාත්‍යංශය හා ඊට අනුබද්ධිත රාජ්‍ය අමාත්‍යංශ සම්බන්ධයෙන් වූ විසර්ජන කෙටුම්පත් විවාදය ආරම්භ වීම.

කෘෂිකර්ම අමාත්‍යංශයේ විවාදය ආරම්භ කරමින් කතා කල විපක්ෂයේ රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කලේ ගොවියන්ට ණය ලෙස ලබා දුන්නේ මිලියන 287ක් බවත් සිය රජය යටතේ මිලියන 471ක් ලබා දුන් බවත්ය. පසුගිය කාලයේ වාර්තාගත වී අස්වැන්නක් ලැබුනේ ඒ නිසා බවද සඳහන් කල මද්දුමබණ්ඩාර මහතා යහපාලන රජය කෘෂිකර්මයට කිසිවක් නොකළ බව සඳහන් කිරීම අසත්‍යක් බවද සඳහන් කරන ලදී.

වාරිමාර්ග අමාත්‍යංශය සම්බන්ධයෙන් වූ විවාදයට විෂය භාර අමාත්‍යවරයා නැතිව සහභාගී වීමට සිදුව ඇතැයි ද අමාත්‍යවරයාට කුමක් සිදුව ඇත්දැයි නොදන්නා බවද සඳහන් කරමින් විපක්ෂයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විවාදයට එක්විය.

කෘෂිකර්ම අමාත්‍යංශයේ විවාදයට හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයෙකු වූ අනුර කුමාර දිසානායක මහතා ද එක්විය. අධ්‍යාපන, සෞඛ්‍ය, මංමාවත්, නිවාස, පානීය ජලය යන සෑම අංශයකම අවම පහසුකම් තිබෙන්නේ ගොවි ජනතාවට බවද එහිදී සඳහන් කරන ලදී.

ගොවිතැනට ලැබෙන පොහොර ප්‍රමාණය ඉතා මදි බවත් ලැබෙන්නේ අවශ්‍ය පොහොර ප්‍රමාණයෙන් 50%ක් පමණ බව ගොවියන් තමන්ට සඳහන් කරන බවත් ලැබෙන පොහොර ප්‍රමාණය ප්‍රමිතියෙන් බාල බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විවාදයට එක්වෙමින් සඳහන් කරන ලදී. ඒ නිසා වැඩි මිලට හෝ නිසි ප්‍රමිතියෙන් යුත් අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබා දෙන ලෙසද මන්ත්‍රීවරයා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී. 

විවාදය දිවා භෝජන සඳහා නතර කරන ලදී.

තමා යටතේ තිබෙන වාරිමාර්ග අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ජල සම්පාදන අමාත්‍යාංශයත් සමඟ එක්ව ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරන ජාතික ප්‍රතිපත්තියක සෑදීමටත් ඒ සඳහා අවශ්‍ය ආයතනික ව්‍යුහය මේ වන විටත් තමා සකස් කොට අවසන් බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අයවැය විවාදයට එක්වෙමින් සඳහන් කරන ලදී.

මහවැලි අධිකාරිය විසින් උතුරේ ජනතාවගේ ඉඩම් මංකොල්ල කා ඇති බවට චෝදනා කරමින් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා අයවැය විවාදය අමතන ලදී.

“වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවි. පතල් කැනීම් කාර්යාංශය එකට එකතු කරලා කාර්ය සාධක බලකායක් හදලා තියෙන්නේ. අපේ ඉලක්කය වෙන්නේ වැව් 5000ක් ලබන අවුරුද්ද වෙනකොට සංවර්ධනය කරන්න.“ යැයි රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය.

“කියන්න කණගාටුයි. අපේ රටේ ග්‍රෑම් 450 පාන් තිස්පන් ලක්ෂයක් කනවා.හාල් අතිරික්තයක් තියෙද්දී.“ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.

විවාදයට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ “කෘෂිකර්මාන්තය සඳහා ජාතික ප්‍රතිපත්තයක් සකස් කරලා වසරක් තුළ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.“

කාරක සභා අවස්ථාවෙන් පසු පාර්ලිමේන්තුව යලි රැස්වෙයි

“අපි යමු බලන්න ලංකාගම පාර හදල ඉවරවෙලා. සියලුම පරිසර වෙනුවෙන් තියෙන ආයතන අධීක්ෂණය කරලා තමා පාර හදන්නේ. ජෝන්ස්ටන් ඇමැතිතුමා එක්ක යන්න එන්න. කුහක නොවී සතුටු වෙන්න“ පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා පැවසීය.

“මේ ලෝක උරුමය තමන්ගේ උරුමයක් කරගන්න හදන මන්ත්‍රීවරු පෙනී සිටීම පිළිබඳ අපි කණගාටු වෙනවා. අද දැවැත්ත ජාවරම් වෙනවා. ගස් කපනවා. මැණික් හාරනවා. නිධන් හාරනවා. “ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවැසීය. 

“චමින්ද මන්ත්‍රීතුමාගේ පාරත් අපි ගිිහිල්ලා බලල හදනා දෙනවා.දේශපාලන වශයෙන් හැප්පුනාට සංවර්ධනයේදී මුලු මහත් ජනතාවට වැඩ කරන්න ඕන. “ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

 පාර්ලිමේන්තුව හෙට (27) වන දින පෙරවරු 9.30 දක්වා කල් තැබිණි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 November 2020 18:59

Related items