අයි.ඩී.එච්. රෝහලේ හෙදියකට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වේ.
අදාළ හෙදියට කොරෝනා ආසාදනය වී ඇත්තේ එම රෝහලේ ආසාදිතයෙකුගෙන් නොවන බවට මේ වන විට තොරතුරු අනාවරණ වී ඇත.
මේ අතර, මුව ආවරණ සහ මීටරේ දුර පවත්වා නොගත් පුද්ගලයින් 61 දෙනෙකු ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සමස්තය 588 දක්වා ඉහළ ගොස් ඇත.