අය වැය පිළිතුරු කතාව නිවාඩ් කබ්රාල් මහතා විසින් කරන්නට යෙදුනා .
“අපි අය වැය සකස් කරේ රට වටේට ගිහින් අදහස් විමසල .මේ අයවැයේ පදනම සංවර්ධනය නැවත ඇති කිරීම . පසුගිය අවුරුදු 05 තුල රටේ සංවර්ධනය දිගින් දිගටම අඩුවුනා. අපෙන් අහනව ඇයි බදු වැඩි කරේ නැත්තෙ කියල
සාමාන්‍යයෙන් විපක්ෂයක් කියන්නෙ බදු වැඩියි කියලා.
අපි නිසියාකාරව බදු අය කර ගැනීම සඳහා වැඩ පිලිවෙලක් ඇති කරල තියෙනවා.රටේ සංවර්ධනය ඇති වෙන කොට බදු මූලාශ්‍ර වැඩි වෙනවා .දැනටමත් යම් යම් ආයෝජන රට තුලට ගලා එනවා.මෑකතදි ටයර් කම්හලක් පවා ආරම්භ කරා.
අපි පොලී අනුපාතය අඩු කරල තියෙනවා . සංවර්ධනය නිසා මිනිස්සුන්ට සහන ලැබෙනවා.
රට වටේ යන කොට අපිට කියන්නෙ රැකියාවක් දෙන්න කියල . රැපියල් 20 කින් ගෑස් අඩු කරල වැඩක් නෑ .
අපි රැකියා ලක්ෂයක් දෙනවා .ඒක ලොකු සහනයක් .
අපිට ආර්ථිකය හදන්න පිටරට උපදෙස් අවශ්‍ය නෑ . අපේ රටේ ඉන්නවා දක්ෂ පිරිසක් .අපි දන්නවා කාගෙන්ද උපදෙස් ගන්න ඔින කියලා , කාගෙන් ද මුදල් ලබා ගන්න ඔින කියලා .අපේ රටට වැඩිපුර ඩොලර් පිලියන දෙකක් විතර ගලා ඇවිල්ලා තියෙනවා.
අපිට අභියෝග තියෙනවා . පසුගිය ආණ්ඩුවේ දුර්වල කම් නිසා මෙි අභියෝග වැඩිමුනා . ඒත් අපි අඬාගෙන යන්නෙ නෑ .
ජනාධිපතිතුමාගෙ “ සෞභාග්‍යයේ දැක්ම ” පලවෙනි අධියර තමයි මේ අයවැය .
ඔහු ප්‍රකාශ කර සිටියා.