May 20, 2024

"ඔබේ අයවැය කතාව ද්වේෂසහගත නෑ" - ජනපතිගෙන් සමගි ජනබලවේග මන්ත්‍රීට සුභ පැතුම් Featured

November 20, 2020

ඊයේ 19 පැවති අය-වැය විවාදයේ දී කළ කතාව අගය කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමගි ජන බලවේගය ජාතික සංවිධායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට පෞද්ගලිකවම සුබ පතා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

තිස්ස අත්තනායක මහතා සභාව අමතන අවස්ථාවේ සභා ගැබේ සිටි ජනාධිපතිවරයා ඊට සාවධානව ඇහුම්කන් දුන් අතර එම කතාවෙන් පසු දිවා භෝජන සංග්‍රහය අවස්ථාවේ තිස්ස අත්තනායක මහතාගේ දුරකථනයට කතා කොට ඇති ජනාධිපතිවරයා අත්තනායක මහතාගේ අයවැය කතාව සම්බන්ධයෙන් සුබ පතා තිබේ.

තිස්ස අත්තනායක මහතාගේ අයවැය කතාව ඵලදායි, ද්වේශ සහගත නොවන කතාවක් බව සඳහන්කර තිබෙන ජනාධිපතිවරයා එම කතාව පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ද තමන් සමග කතා කළ බවත් අත්තනායක මහතාගේ ඇතැම් කරුණු පිළිබඳව තමාගේ අවධානය ද යොමු වූ බව ජනාධිපතිවරයා අත්තනායක මහතා වෙත ප්‍රකාශ කොට තිබෙන බවද දැනගන්නට තිබේ.

Rate this item
(4 votes)
Last modified on Friday, 20 November 2020 15:29

Related items