April 27, 2024

මේ අයවැය සර්ගේ, අගමැතිගේ හා එන්න ඉන්න කෙනාගේ කෑලි එකතු කරලා හදපු එකක්

November 18, 2020

මේ අයවැය ගැලපීමක් නැති එකක් බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කරන ලදී.

වෙන වෙනම කෑලි හදා එකට එකතු කරපු අයවැයක් බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

සර්ගේ කෑල්ලක් අගමැතිගේ කෑල්ලක් හා එන්න ඉන්න කෙනාගේ කෑල්ලක් එකතු කොට මේ අයවැය හදා ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඉදිරි අවුරුදු 2 තුල කොවිඩ් සමඟ ජිවත් වීමට සිදු වන බව ආණ්ඩුව සඳහන් කරන මුත් ඊට මුහුණ දිය හැකි විසඳුම් මේ අයවැය තුල නොමැති බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

අග්‍රාමාත්‍යවරයා වතු සේවකයින්ගේ වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට අයවැයෙන් සඳහන් කර එහි උණුසුම යාමටත් මත්තෙන් හාම්පුතුන් එය ලබා නොදෙන බව මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කල බවද වේලුකුමාර් මහතා සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 November 2020 15:29

Related items