April 28, 2024

වැලිකඩ රැඳවියන් පිරිසක් විරෝධතාවයක - බෝගම්බර රැඳවියෙක් මියයාම ගැන විමර්ශනයක්

November 18, 2020

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ අධිකරණ විවෘතකර නඩු කටයුතු කඩිනම්කරන ලෙස ඉල්ලා බන්ධනාගාර වහළය මත නැග එම රැඳවියන් විරෝධතාවයේ නිරතවන බවයි.

මත්ද්‍රව්‍ය  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති රැඳවියන් 10 දෙනෙකු පමණ මෙලෙස විරෝධතාවයේ නිරත වන බව ඔහු සඳහන් කළේය.

මේ අතර මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පළායෑමට උත්සහ දැරු රැඳවියෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේ දී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කෑගල්ල සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ විමර්ශනය සිදුකෙරෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කරයි.

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට යොමුකර සිටි රැඳවියන් පස් දෙනෙකු ඊයේ (17) රාත්‍රීයේ බන්ධනාගාරයෙන් පළායෑමට උත්සහ දරා තිබුණි.

එහිදී රැඳවියන් තිදෙනෙකු බන්ධනාගාර නිලධාරින්ගේ භාරයට ගෙන ඇති අතර එක් අයෙකු පළාගොස් තිබුණි.

පළායෑමට උත්සහ දැරු තවත් රැඳවියෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී මියගොස් ඇති බව වාර්තා විය.

අදාළ රැඳවියන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි අය වෙයි.

Rate this item
(0 votes)