ලෝකයේ කවුරුත් නොදන්නා කොවිඩ් 19 වෛරසය ගැන මුලින් අනුගමනය කල හා ගත් තීන්දු දැන් අනුගමනය නොකරන බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.
මුල් භාගයේ මුළු රටම වසා දැමුවත් දැන් රෝගීන් හමුවන විට එසේ නොකළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී තිබෙන බවද ඇමතිවරිය පෙන්වා දෙයි.
තව අවුරුදු තුනක් තුන හමාරක් පමණ යනතුරු කොවිඩ් සමඟ ජිවත් වීමට සිදු වන බවට අනතුරු ඇඟවීමක් ද ඇමතිවරිය විසින් කරන ලදී.