May 19, 2024

පුටින් තමයි දවසකටවත් මිනිහා - ගෝඨාභයටත් එහා ගිහින්

November 14, 2020

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය අහිතකර බැවින් ඔහු එම ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවට බ්‍රිතාන්‍යයේ සන් පුවත්පත වාර්තා කර තිබුණි.

එම ප්‍රවෘත්තිය බොරුවක් බව සදහන් කරමින් රුසියානු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා එය ප්‍රතික්ෂේප කර තිබුණද රුසියානු නීති සම්පාදකයින් විසින් ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් විශේෂ විධිවිධාන පනත් දෙකක් පාර්ලිමේන්තුවට හඳුන්වා දී තිබේ.

ඉන් පළමුවැන්න රුසියාවේ ෆෙඩරේෂන් කවුන්සිලයේ සභිකයකු ලෙස හිටපු ජනාධිපතිවරුන්ට ජීවිතාන්තය දක්වාම ආසනයකට හිමිකම් කීමට අවස්ථාව ලබා දීමය.

දෙවැන්න විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරුන්ට එරෙහිව ඔවුන් ජීවත්වන කාලය පුරාවටම අපරාධ නඩු පැවරීමට නොහැකි විධිවිධානය. එය රුසියාවේ හිටපු ජනාධිපතිවරුන් ජීවත්වන කාලය තුළ කරන ඕනෑම වරදකට අදාල වේ.

වර්තමානයේ බොහෝ රටවල ජනාධිපතිවරුන්ට එරෙහිව නඩු පැවරිය නොහැක්කේ ඔවුන් ජනාධිපතිධුරය දරන කාලයේ ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පමණි. ඉකුත් ඔක්තෝම්බර් 22 දා මෙරට පාර්ලිමේන්තුවද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මෙරට ජනාධිපතිවරයාට ද එම මුක්තිය ලබා දෙන ලදී.

Rate this item
(6 votes)
Last modified on Saturday, 14 November 2020 11:38

Related items