July 03, 2024

අතුරුදන් වූ  MH370 ගුවන් යානයේ අභිරහස විසදේ ?

September 15, 2014

පසුගිය මාර්තු 8 වන දා මැලේසියාවේ ක්වාලලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් තිබූ මගීන් 239 දෙනෙකු රැගත් MH370 ගුවන් යානයේ සුන්බුන් බවට සැකකරන කොටස් කිහිපයක් සොයා ගෙන ඇතැයි වාර්තා වේ. 

ඔස්ට්‍රේලියානු විමර්ශණ කණ්ඩායමක් විසින් දකුණු ඉන්දීය සාගර පත්ලේ තිබී ඝන සුන්බුන් කොටස් 58ක් සොයාගෙන ඇති අතර අතුරුදන් ගුවන් යානය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන  Joint Agency Coordination Centre (JACC) මේ වන විට හමු වූ කොටස් සම්බන්ධයෙන් විශ්ලේෂණය නිරතව ඇත.

ඉන්දියන් සාගර පත්ලේ තිබී සොයා ගෙන ඇති මෙම සුන්බුන් කොටස් අතුරුදන් වූ  මැලේසියානු යානයේ ම ද යන්න නිශ්චය කරගැනීමට මෙතෙක් නොහැකි වූවත් මෙම සුන්බුන් කොටස් නිශ්චය කරගැනීම සඳහා වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරන බව ප්‍රවාහන අමාත්‍ය Liow Tiong Lai පවසා තිබේ.

කෙසේ වෙතත් මීට පෙරත් ඉන්දීය සාගරයේ තිබී සුන්බුන් කොටස් කිහිපයක් හමු වූවත් ඒවා MH370 ගුවන් යානයේ කොටස්මද නිශ්චය කරගැනීමට නොහැකි විය. යානය අතුරුදන් වී මාස 06 ක් පමණ ගතවූවත් MH370 අභිරහස විසදීම සඳහා මෙතෙක් කිසිදු සාධක හමු නොවූ අතර මෙම සුන්බුන් හමුවීමත් සමඟ MH370 ගුවන්යානයේ අභිරහස විසදීමට හැකිවේවිද යන්න තවමත් ගැටළුවකි. 

 

Rate this item
(1 Vote)
Last modified on Monday, 15 September 2014 09:53