April 28, 2024

ශල්‍යකර්මයක් කළ රෝගියකුට කොරෝනා - හෝමාගම රෝහලේ ශල්‍යාගාරය වසා දමයි

November 07, 2020

ශල්‍යකර්මයකට ලක් කළ රෝගියකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා හෝමාගම මූලික රෝහලේ ශල්‍යාගාරය සහ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ඒ අනුව දැඩි සත්කාර ඒකකයේ සහ ශල්‍යකර්මයට සහභාගී වූ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය පී.සී.ආර් පරීක්ෂණයට ලක් කරන තෙක් ස්වයං අවධානයට ලක් කිරීමට පියවර ගත් බවද වෛද්‍යවරයා පැවසීය.

ඉකුත් 4දා රිය අනතුරකට ලක් වූ අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේ පදිංචි 44  හැවිරිදි පුද්ගලයකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලේ තුනේ වාට්ටුවට ඇතුළත් කර ඇතැයි ද පසුව ඔහුගේ අසාධ්‍ය තත්වයේ හේතුවෙන් 05 දා ශල්‍යකර්මයකට යොමු කර ඇති අතර එහිදී පී.සී.ආර් පරීක්ෂණයකට ද ලක් කර ඇතැයි පැවසේ.

ශල්‍යකර්මයෙන් පසුව ඔහු රෝහල් දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇත. රෝගියාගේ  පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව  ලැබී ඇති අතර එහිදී ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇතැයි පැවසේ.

ඒ අනුව රෝහලේ දැඩි  සත්කාර ඒකකය සහ ශල්‍යාගාරය විසබීජහරණය කර යථා තත්ත්වයට පත් කරන තෙක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන,  ශල්‍යකර්මය සඳහා සහභාගි වූ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජනිත ආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 07 November 2020 21:23