May 18, 2024

කොරෝනාව පාලනය වන්නේ නම් මුහුදට බිලිවෙන්න සුදානම් - පවිත්‍රාගෙන් සමාජ මාධ්‍ය වලට ප්‍රතිචාර (VIDEO)

November 03, 2020

ලංකාව කොරෝනා වෛරසය මර්ධනය වන්නේ නම් තමන් මුහුදට බිලිවීමට පවා සුදානම් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියි.

සමාජ මාධ්‍යවල පළව තිබෙන ඇතැම් සටහන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ පසුගියදා තමන් සහභාගිවූ ආගමික කටයුත්තක් සම්බන්ධයෙන් ඇතැම් අය එය උපහාසයට ගෙන තිබෙන බවය.

කොරෝනා මර්ධනයේ දී කිසිදු අවස්ථාවක එය දේශපාලනීකරණය නොවී සෞඛ්‍ය අංශවලට මුල්තැන දී කටයුතු කරන බවයි මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 November 2020 14:43