July 03, 2024

දැරිය සොයා ගෙට පැන්න වීඩියෝව මෙන්න (VIDEO)

පසුගිය 09 වැනිදා අළුයම් කාලයේදී නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගිය පමාරා කේෂාලී බණ්ඩාර දැරිය කුඹුක්ගැටේ ප්‍රදේශයේ සිටිය දී අද සවස සොයා ගැනීමෙන් අනතුරුව මේ වන විට තවත් තොරතුරු රැසක් හෙළි වෙමින් පවති.

එනම් දැරියගේ නිවසේ සිට (අඹකොලවැව) කිලෝමීටර් 10 ක් පමණ දුරින් දැරියව සොයා ගැනීමට හැකි වීම මත මෙම පරීක්ෂණ සිදු කෙරෙනු ඇති. මේ වන විට ප්‍රදේශයම ආවරණය වන ආකාරයේ ආරක්ෂක වැඩ පිළිවෙළක්ද පොලිසිය විසින් දියත් කර තිබේ.

ඒ අනුව ඇය කුරුණෑගල රෝහල වෙත යොමු කර ඇත්තේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහායි.

පොලිසිය සඳහන් කරන්නේ මේ වන විට ඇය රැගෙන ගිය ආකාරය සහ රැගෙන ගොස් ඇති හේතුව සම්බන්ධයෙන් පරීක්ෂණ අංශ කිහිපයක් ඔස්සේ ආරම්භ කර ඇති බවයි.

මේ අතර නිවරැදි තොරතුරක් දී ඇති අයෙක් වෙතොත් ඔහු පිළිබඳ සොයා බලා අදාළ ත්‍යාග මුදල පිරිනැමීමටද පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

සුනිල් එස් පැල්ලන්දෙනිය - කුරුණෑගල

වීඩියෝව පහළින් නරඹන්න..


 

Rate this item
(1 Vote)
Last modified on Saturday, 13 September 2014 11:15