April 30, 2024

විග්නේෂ්වරන් - මාවෙයි සේනාධිරාජා අතර රහසිගත සාකච්ඡාවක්

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා මහතා සහ තමිල් මක්කල් තේසීය කූට්ටනි පක්ෂයේ නායක සී.වී. විග්නේෂ්වරන් මහතා අතර විශේෂ හමුවක් පසුගිය 19 වැනිදා සවස යාපනයේදී පවත්වා තිබේ.

විග්නේෂ්වරන් මන්ත‍්‍රීවරයාගේ කාර්යාලයේදී මේ හමුව පැවති අතර මෙහිදී උතුරේ දෙමළ දේශපාලන පක්ෂ යළි එකමුතු කරවීමට ඇති අවශ්‍යතාවය පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බව වාර්තා වේ.

පැය දෙකක කාලයක් පැවැති මේ සාකච්ඡාව හුදෙක් පෞද්ගලික හා රහසිගත සාකච්ඡාවක් බවත් එම සාකච්ඡාවට ඔවුන් දෙදෙනා හැර වෙනත් කිසිවකු සහභාගි නොවූ බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)