May 01, 2024

මිනුවන්ගොඩ පොකුරෙන් තවත් කොරෝනා රෝගීන් 47ක්

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 47 දෙනෙකු වාර්තා වී අති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියි.

මෙලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් සිව්දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු 43 දෙනා ආශ්‍රීතයින් වන බව හමුදාපතිවරයා සඳහන් කළේය.

මේ වන විට මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 2122ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Rate this item
(0 votes)