July 03, 2024

එජාප මන්ත්‍රී හර්ෂ ද සිල්වා ජනපතිට සහාය පල කරයි

September 10, 2014
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංවර්ධන වැඩසටහන් කිහිපයකට සහාය පළකර ඇත.ඒ ජපානය සමග කෙරෙන සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙනි.බී.බී.සී සංදේශයට අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂක ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් ආයෝජනය කිරීමට ජපානය ඉදිරිපත්වීම ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවට විශාල වාසියක් බවය.
 
 තෙල් ගබඩා සඳහා  චීනයෙන් ලබාගත් ණය සඳහා 6.5% ක පොළියක් ගෙවිය යුතු බව පෙන්වා දෙන ඔහු කැළණි පාලම ඉදිකිරීම වෙනුවෙන් ජපානය ලබා දෙන ණය මුදලේ පොලී අනුපාතය 0.1% ක් බව පෙන්වා දෙයි.මේ අනුව ජපානය ආයෝජනය කිරීම ශ්‍රී ලංකාවට විශාල වාසියක් බව ඔහුගේ අදහසය.
 
එමෙන්ම  මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා  චීනය, ජපානය සහ ඉන්දියාව අතර  කෙටවිමක් සිදුකර  වාසියක් ගන්න හදනවා යැයි ඇතැමුන් කරන ප්‍රකාශ  කිසි වැදගත්කමකට නැති දෙයක් බව අවධාරණය කරන ඔහු ජපානය ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට පෙළඹුනේ චීනයේ බලපෑම හේතුවෙන් නොවන බව පෙන්වා දෙයි.
 
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංවර්ධන වැඩසටහන් පසුගිය කාලයේ දැඩි ලෙස විවේචනය කල පුද්ගලයෙකි.
Rate this item
(1 Vote)