May 04, 2024

යුද හමුදා නිල ඇදුමකින් කුඩු විකුණන ජාවාරමක නිරත බෝතල් සම්පත් ඇතුළු නැන්දම්මා බෑනාවරුන් කොටු

 හෙරොයින් මත්කුඩු සහ ඖෂධ පෙති වර්ග අලෙවි කිරීමේ ජාවාරමක නිරත නැන්දම්මා බෑනාවරුන් ඇතුලූ 4 දෙනෙකු යුද හමුදා නිල ඇඳුමක් සමග ගලේවෙල ප්‍රදේශයේ දී  13 දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදා නිල ඇඳුමකින් සැරසී ඉතා සූක්ෂම ලෙස ගලේවෙල දේවහුව දඹුල්ල තලකිරියාගම  කුරුණෑගල මැල්සිරිපුර ආදී ප්‍රදේශවලට හෙරොයින් මත්කුඩු සහ මත් ලෝලීන් සඳහා බටහිර ඖෂධ පෙති අලෙවි කිරීමේ ක්‍රියාවලිය සිදුවන බවට මාතලේ පොලීසියට අනියුක්තව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ලද තොරතුරක් අනුව 13 දින දවස පුරා ඉතා සූක්ෂම ලෙස මෙම වැටලීම සිදුකොට තිබේ.

එහිදී ගලේවෙල දේවහුව ප්‍රදේශයේ දී කාන්තාවක සහ තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නැන්දම්මා සහ බෑනා අයෙකු බවත් මෙම බෑනා   බෝතල් සම්පත් නමින් හඳුන්වන බව පොලීසිය කියයි .ඔවුන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් හතරකට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බව පොලිසිය කියයි.

ඔහුගෙන් ලද ප්‍රශ්න කිරීම්වලදී   බෝතල් සම්පත් නැමැති පුද්ගලයාගේ සහෝදරයෙකු ගලේවෙල රෝහල පිටුපස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ ඔව් ළඟ තිබී හෙරොයින්  පැකට් කීපයක් සොයා ගත් අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීම් වලදී මෙම පවුලේ ම ඥාති පුතෙක් වූ පිළිබඳව ලද තොරතුර අනුව ගලේවෙල නගර ආසන්නයේ මේ තවත් තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

 ඔහු ළඟ තිබී යුදහමුදා නිල ඇඳුම් කට්ටලයක් හෙරොයින් මත්කුඩු සහ මත්ලෝලීන් සඳහා අලෙවි කරන බටහිර ඖෂධ පෙති රැසක් සොයා ගත් බව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය කියයි.

මෙම සැකකරු යුද හමුදාවේ සේවය කරන අයෙකු බවත් මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිවසේ රැඳී සිටින බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ . මෙම පුද්ගලයා  යුදහමුදා නිල ඇඳුම් සැරසී මේවා අලෙවි කරන ලද තොරතුරක් සමඟ නිල ඇඳුම් කට්ටලය පොලිස් භාරයට ගත්බව පොලිසිය කියයි .

මෙසේ අත්අඩංගුවට පත් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් හයකට අධික ප්‍රමාණය එමෙන්ම නිල ඇඳුම් කට්ටලය මත්ලෝලීන් සඳහා යොදා ගන්නා බටහිර ඖෂධ තොගය සැකකාරිය සහ සැකකරුවන් තිදෙනා ගලේවෙල පොලීසියට භාර දීමට පියවර ගෙන තිබේ.

මෙම වැටලීම සඳහා  මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි  මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර උප පොලිස් පරීක්ෂක ගයාන් බුද්ධික යන නිලධාරීහු වැටලීමට එක්ව සිටියහ .

ඉදිරි පරීක්ෂණ කටයුතු ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්ෂාන්ත  පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු පවත්වති.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)