May 18, 2024

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා රකින්න ගිහින් ඇමතිවරිය අමාරුවේ වැටෙයි (VIDEO)

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකව සිටි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට වඩා වෛද්‍ය ප්‍රභාත් අමරසිංහ පශ්චාත් උපාධිය කිරීමෙන් පසු ශ්‍රේනියකින් උසස් වීම මත ඔහු එම ආයතනයේ අධ්‍යක්ෂක ධුරයට පත් කල බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

කොවිඩ් වසංගත තත්වයෙන් රට මුදා ගැනීමට විශාල කාර්ය භාරයක් කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව හිටි හැටියේම එම ධුරයෙන් ඉවත් කිරීම නිවරදි කල යුතු බවද අමාත්‍යවරිය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට අමාත්‍යංශය පරිපාලනයේ ප්‍රධානියා බැවින් එවැනි තීරණ ගැනීමේ බලයක් ඔහුට තිබෙන බව ද ඇමතිවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)