July 03, 2024

මෙන්න 'iPhone 6 සිංහලෙන්' එළිදැක්වූ වගයි

ස්මාට් ජංගම දුරකථන වෙළෙඳ පොළ තුළ වසරක පමණ කාලයක් උණුසුමක් ඇති කරමින් ඇපල් සමාගම සිය නවතම iPhone ස්මාට් දුරකථනය ඇමෙරිකානු වේලාවෙන් පෙරවරු 10.00ට කැලිෆෝනියාවේදී එළිදක්වනු ලැබීය.ඒ ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ගේ ප්‍රධානත්වයෙනි.
iPhone 6 නවතම ස්මාට් ජංගම දුරකථනය  සහ  විශාල තිරයකින් යුතු iPhone 6 Plus ස්මාට් දුරකථනයද ඒසමග එළිදක්වා තිබේ.මෙහි මිල නියම කර ඇත්තේ iPhone 6 දුරකථනය ඇමරිකානු ඩොලර් 199කි.iPhone 6 Plus මිල ඇමෙරිකානු ඩොලර් 299කි.ඇපල් සමාගමේ නවතම iPhone  දුරකථන සමග අත්ඔරලෝසුවක්ද මෙවර එළිදක්වා ඇත.
 
ඇපල් සමාගම සිය නවතම iPhone ස්මාට් දුරකථනය හඳුන්වා දීමත් සමග xsensorfilms ආයතනය වෙනුවෙන් හර්ෂණ කාරියවසම් සහ බෘනෝ දිවාකර මේ පිළිබඳ කරුණු කියාදෙන පළමු සිංහල විඩියෝවද 'ඒෂියන් මිරර්' වෙනුවෙන් එළිදැක්විය.මෙම විඩියෝව පහතින් නරඹන්න.
(iPhone පළමු සිංහල විඩියෝව පහතින් නරඹන්න)
Rate this item
(2 votes)
Last modified on Wednesday, 10 September 2014 12:24