May 19, 2024

පොලිසියටත් දේශපාලනඥයන්ට වගේ මාධ්‍ය සංදර්ශන අමාරුව තිබෙනවා - විෂය භාර ඇමති චමල් රාජපක්ෂ

රිෂාඩ් බදුර්දීන් මහතාගේ සොයුරු රියාජ් බදියුදීන් මහතාව පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා කළ ප්‍රකාශය සුදුසු නැති එකක් බව නීතිය හා සාමය කටයුතු පිළිබඳ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ යුතුව තිබුණේ ඒ පිළිබඳව පරීක්ෂණ අවසන් වීමෙන් පසුව බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

දේශපාලනඥයන්ට මෙන්ම පොලිසියටත් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමේ පුරුද්දක් තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රියාජ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ එක් ප්‍රකාශයකුත් ඊට මාස පහමාරට පසු ඔහු නිදහස් කරන අවස්ථාවේදී ඊට පරස්පර ප්‍රකාශයකුත් කිරීම සම්බන්ධයෙන් සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 06 October 2020 11:58