May 19, 2024

"බැහැපිය බල්ලා එළියට" ඇමති ලොකුගේ ගොරවයි

අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි .අද පෙරවරුවේ පක්ෂ ලේකම්වරුන් සමග පැවති හමුවීමේදී කොමසාරිස්වරයා මේබව අවධාරණය කර ඇත .

මිට හේතුවී ඇත්තේ  මැතිවරණ නීති උල්ලංගණය කිරීමක් පිළිබඳ සොයා බැලීමට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් කැස්බෑවට ගිය අවස්ථාවේදී "බැහැපිය බල්ලා  එළියට" යයි පවසමින් අමාත්‍ය වරයා රාජකාරියට බාධා කිරීමයි .තම නිලධාරීන් ආරක්ෂා කිරීමට තමන් කැපවී සිටිනබවද කොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කර ඇත .

Rate this item
(3 votes)
Last modified on Thursday, 13 March 2014 13:42