May 03, 2024

මැතිවරණ නීති කඩමින් තෙවරප්පෙරුම පාරේ යකා නටයි (VIDEO)

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින කළුතර දිස්ත්‍රික් අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා විසින් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පවත්වා තිබූ රථ පෙලපාලියක් පොලීසිය විසින් නැවැත්වීමත් සමඟ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබේ.

මනාප අංකයන් සහ පක්ෂ ලකුණු ප්‍රවර්ධනය වන ලෙසින් ඔහු විසින් මෙම රථ පෙළපාලිය පවත්වා තිබූ අතර මෙය නැවැත්වීම සඳහා විශාල පොලිස් පිරිසක් රැස්ව සිටි ආකාරයද දැක ගැනීමට හැකිවිය.

ඒ අවස්ථාවේ පාලිත තෙවරප්පෙරුම මහතා ඔහුගේ වාහනයක් මතට නැග විරෝධයද පළ කර තිබුණි.

එම අවස්ථාවේ වීඩියෝ දර්ශනය පහතින්,

Rate this item
(0 votes)