May 03, 2024

සේරඇල්ලේදී අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයාගනී

ලග්ගල පොලිස් බල ප්‍රදේශයට අයත් නකල්ස් භූමියේ පිහිටා ඇති  සේරඇල්ලේ  සිට ඡායාරූප ගැනීමට ගොස් අතුරුදන් වු තරුණයාගේ සිරුර සොයාගත් බව ලග්ගල පොලීසිය කියයි.

නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි   එස් කේ ශිරන්ත රත්නසූරිය නැමැති 27 හැරිදි තරුණයෙක් මෙසේ මරණයට පත්ව ඇත.
 
ඊයේ දිනයේදී  සිය පෙම්වතිය  ඇතුළු පිරිසක් සමඟ සේරඇල්ල  අසළ සිට ජායාරූප ගනිමින් සිටි ඔහු  සේර ඇල්ලේ  පහළ වතුර රැදී තිබෙන  කොටසේ පය ලිස්සා වැටී ඇති අතර අනතුරින්  පෙම්වතියගේ දිවි බේරී තිබේ.  ලග්ගල  පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Rate this item
(0 votes)