May 18, 2024

විපක්ෂය කියන්නේ බොරු අප්‍රේල් 19 න් පස්සේ කොරෝනා නෑ කියලා මම කිව්වේ නෑ - පවිත්‍රා

අප්‍රේල් 19 වෙනිදායින් පසු රට තුළ Covid 19 වසංගත නොමැති බවට තමන් ප්‍රකාශ කර නොමැති බව සෞඛ්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ඊයේ  (17) මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යයට අවස්ථාව දෙමිනි.

විපක්ෂය එවැනි චෝදනාවක් එල්ල කළ ද එය අසත්‍ය ප්‍රචාරයක් බව අමාත්‍යවරිය සඳහන් කරයි.

තමන් සඳහන් කළේ රටේ ජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස්  පිළිපැද්දොත් මාස දෙකක් යන විට පැතිර යාමට තිබෙන අවස්ථා දෙකක ඇහිරී යන හෙයින් මෙහිදී 50%ක වගකීම ජනතාව සතුවන බවයි. 

ජනතාව සතු කාර්ය ඉටුකළොත් රෝගය රට තුළ මර්දනය කරගත හැකි බව ඇය පවසයි. 

මේ අතර කොරෝනා වෛරසය ව්‍යප්තිය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද අමාත්‍යවරිය අවධාරණය කරයි. 

කෙසේවෙතත් ජනතාව අතර යමෙකුට හෝ මෙම රෝගයට අදාළ රෝග ලක්ෂණ වෙතොත් දිස්ත්‍රික්ක තුළ තිබෙන අදාළ රෝහලට ගොස් ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසද වන්නිආරච්චි මහත්මිය ඉල්ලා සිටියි. 

Rate this item
(1 Vote)