May 13, 2024

"යාපනය නොසන්සුන් කිරීමට දමිළ ඩයස්පෝරාව ‍විශාල ලෙස මුදල් යොදවනවා"

යාපනය නොසන්සුන් වන තරමට විදේශගත දමිළ ඩයස්පෝරාවේ සමහර කොටස්වලට එම රටවල තවදුරටත් වාසය කළ හැකි බවත් ඒ සඳහා අන්තවාදී දේශපාලන කොටස් හරහා ‍විශාල ලෙස ඔවුන් මුදල් වැය කරන බවත් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතා පවසයි.

4 වන වරටත් ශ්‍රී ලංකාවේ පැවැත් වූ ආරක්ෂක සමුළුවට සහාභාගී වූ ඉන්දියාවේ පිහිටි තානාපති කාර්යාලවල ආරක්ෂක උපදේශකයන් පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා උතුරේ සංචාරය කළ අතර පලාලි ආරක්ෂක සේනා මූලස්ථානයේදී ඔවුන් සමඟ පැවැති හමුවේදී මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතා මෙසේ පැවසීය.‍

ඕස්ට්‍රේලියාව, ඝානාව, සැම්බියාව, නෙදර්ලන්තය ඇතුළු රටවල් 11ක ආරක්ෂක උපදේශකවරු මෙම සංචාරයට එක්වී සිටියහ. ඉන්දීය හමුදාවේ විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් අශෝක් මෙහෙතා මහතාද විශේෂ අමුත්තෙකු ලෙස මෙයට සහාභාගි විය.

පැමිණි පිරිස වෙනුවෙන් යාපනය අර්ධද්වීපයේ සමාජයීය, සංස්කෘතීක හා ආගමික පසුබිම පිළිබඳ මූලික හැඳින්වීමක් කළ ආඥාපතිවරයා පශ්චාත් යුද සමයේ ආරක්ෂක හමුදාව විසින් යාපනයේ සිදු කරනු ලබන සංවර්ධන කටයුතු හා මානුෂීය ක්‍රියාකාරකම් පිළිබඳ විදේශීය හමුදා නිලධාරින් ද දැනුවත් කරන ලදී. 

 

Rate this item
(0 votes)