May 13, 2024

විමල්ට හරීන්ගෙන් ප්‍රහාරයක් 

ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (24) දින පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමකට එක්සත් ජාතික පක්‍ෂ ඌව පළාත් මහ ඇමති අපේක්‍ෂක හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ආධාරකරුවන් පිරිස් විසින් මැර ප්‍රහාරයක් එල්ලකර ඇතැයි වාර්තා වේ.

ඌව පළාත් සභාවට ජාතික නිදහස් පෙරමුණෙන් තරඟ වදින සරත් රද්දැල්ල මහතාට සහයෝගය පළ කිරීමට මෙම රැස්වීම සංවිධානය කර තිබුණු අතර  හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ආධාරකරුවන් පිරිස් ඔහුගේ රුව සහිත වාහනයකින් පැමිණ මෙම මැර ක‍්‍රියාව සිදු කර ඇතැයි ද පියසිරි විජේනායක මහතා පවසයි.

මේ පිළිබඳව දියතලාව පොලීසියට පැමිණිල්ලක් ද ගොනු කර ඇතැයි වාර්තා වේ.

 

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 24 August 2014 16:39