May 13, 2024

ලස්සන කරන දොස්තරට මන්ත්‍රීවරියකගෙන් "නීතිඥ සහාය"

බම්බලපිටියේ විශාඛා පාරේ පිහිටි කොස්මැටික් සර්ජරි ක්ලිනික් පෞද්ගලික වෛද්‍ය සායනයේ වෛද්‍ය නිමල් ගමගේ විසින් ලබාදෙන එන්නතක් විෂ වීමෙන් වෛද්‍යවරියක මියගිය අතර මේවනවිට එම වෛද්‍යවරයා පිලිබඳ ආන්දෝලනාත්මක කතාබහක් ගොඩ නැගී තිබේ.

{module LOLC}

එම වෛද්‍යවරයා සමඟ දිවයින පුවත්පත කළ සංවාදයකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමා බන්ධනාගාර ගත වූ පසු එක්‌තරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්‌ තමාට නීතිඥවරයකු ලබාදීමට කාරුණික වූ බවයි.

තමන් මැති ඇමතිවරුන්ටද ප්‍රතිකාර කර ඇති බවත් නමුත් කිසිදු ඇමතිවරයෙකු තමා බැලීමට බන්ධනාගාරයට නොආ බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

එම සංවාදය පහතින් දැක්වේ.

බම්බලපිටියේ විශාඛා පාරේ පිහිටි රූපලාවන්‍ය මධ්‍යස්‌ථානය ගැන අද මුළු රටේම කතා බහට ලක්‌ වී ඇත.

කොළඹ ළමා රෝහලේ වෛද්‍යවරියක්‌ වූ දොස්‌තර පී. ඒ. ප්‍රියංගනී මහත්මියගේ මරණින් පසු මෙම රූපලාවන්‍ය මධ්‍යස්‌ථානය මෙසේ වැඩි ප්‍රසිද්ධියක්‌ ලැබුවේය. මෙම රූපලාවන්‍ය මධ්‍යස්‌ථානයේ අයිතිකරු වූ දොස්‌තර නිමල් ගමගේ මහතා දැන් පසුවෙන්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේය.

දොස්‌තර ප්‍රියංගනී මහත්මියට රූපලාවන්‍ය සඳහා දොස්‌තර ගමගේ මහතා ප්‍රතිකාර කරමින් සිටියදී මෙම මරණය පිළිබඳව සැකකරුවකු බවට පත්වී දොස්‌තර නිමල් ගමගේ මහතා මෙසේ බන්ධනාගාරයේ රිමාන්ඩ් බාරයේ පසුවෙයි.

වෛද්‍ය සංගම් එකදිගටම නිමල් ගමගේ මහතාට විරුද්ධව චෝදනා කරද්දී මෙම චෝදනාවල වැඩි තොරතුරු සොයා ගැනීමේ අරමුණ ඇතිව ඉකුත් බදාදා මම කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ගියේ දොස්‌තර නිමල් ගමගේ මහතා හමුවීමේ අදහස ඇතිවය.

බන්ධනාගාර නිලධාරීන්ද මැදිහත් වී නිමල් ගමගේ මහතා රැගෙන මා සිටි ස්‌ථානයට පැමිණියේය.

අපි ටිකක්‌ කතා කරමු දැයි මම නිමල් ගමගේ මහතාගෙන් ඇහුවෙමි.

ඔබ කවුද ඔහු මාධ්‍යවේදියෙක්‌ මෙන් මගෙන් ඇසුවේය. මම මගේ වතගොත ඔහුට කීවෙමි.

ඔව්.... මම ඔබ ගැන අසා තිබෙනවා... යෑයි කියමින් දොස්‌තර නිමල් ගමගේ මහතා මට පිළිතුරු දීමට රිසි විලාසයක්‌ දැක්‌වීය. මම මෙසේ ඇසීමි.

ප්‍රශ්නය( ඩොක්‌ටර්... ඔබ අද මුහුණ පා තිබෙන ප්‍රශ්න නිසා ඔබ මෙම වෘත්තිය අත්හැර යනවාද?

පිළිතුර( ඒක හරි වැඩක්‌නේ. මම මොකටද මේ වෘත්තිය අත්හැරලා යන්නේ... මම ගියොත් ලංකාවේ මේ වෘත්තිය කරන්න කෙනෙක්‌ නැති වෙනවා.

ප්‍රශ්නය( ඔබ ලංකාවේ රෝහල්වල වැඩකරලා තිබෙනවාද?

පිළිතුර( ඔව්. මම 1980 දශකයේ මීගමුව, පානදුර රෝහල්වල සේවය කර තිබෙනවා.

ප්‍රශ්නය( මොකක්‌ද මේ ප්‍රශ්නයට මුල?

පිළිතුර( මම එකක්‌ කියන්නම්, ඔය මට මඩ ගහන කට්‌ටිය දැනගන්න ඕනෑ ඒගොල්ලොත් වෛද්‍ය වෘත්තිය කරන්නේ කියලා. මට වෙච්ච දේ වගේම ඔය කාට කාටත් විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි. ඒක තමයි කර්මය කියන්නේ. මටත් කර්මය පඩිසන් දුන්නා.

ප්‍රශ්නය( ඔබට අතවර චෝදනාවක්‌ තිබෙනවා නේද?

පිළිතුර( සිනාසෙයි..... ඕක අතවර චෝදනාවක්‌ නොවේ. 1992 කාලයේ ඇමෙරිකාවේදී මට නඩුවක්‌ තිබුණා. මා යටතේ සේවය කළ කාන්තාවන් දෙදෙනකු සමඟ ලිංගික කතාබහක්‌ කළා කියලා මට නඩු දැම්මා. හැබැයි ඒ නඩුවෙන් එදා මම දිනුවා, කාන්තාවන් දෙදෙනා නඩුවෙන් පැරදුනා එච්චරයි. ඉතින් මා නිදොස්‌ කෙනෙක්‌.

ප්‍රශ්නය( බම්බලපිටියේ රූපලාවන්‍යාගාරයේ ගොඩනැඟිල්ල ඔබට අයිතිද?

පිළිතුර( ඔව්... මට අයිතියි.

ප්‍රශ්නය( ඔබ කිසිම පුහුණුවක්‌ නැති සේවක සේවිකාවන් යොදවා ඔය මධ්‍යස්‌ථානය කරගෙන ගිය බවට චෝදනා එල්ල වෙනවා.

පිළිතුර( ඔව්.... මම මගේ සහයට සාත්තු සේවිකාවක්‌ යොදවා ගත්තා. කැලිෙµdaනියාවේ වෛද්‍ය මණ්‌ඩලය විසින් අනුමත කරන ලද ප්‍රමිති අනුවයි ඇමෙරිකාවේ මා පවත්වාගෙන ගිය රූපලාවන්‍ය මධ්‍යස්‌ථානය කරගෙන ගියේ. එහෙදීත් මා යොදා ගත්තේ සහායක හෙදියක්‌ තමයි. ඒකේ වරදක්‌ මම දකින්නේ නැහැ. ඒ ගොල්ලෝ මට අත් උදව් දුන්නා පමණයි. මෙහෙත් එහෙමයි. සාත්තු සේවිකාවන් කළේ මං කියන දේ නෙ.

ප්‍රශ්නය( ඔබ ග්‍රහචාරය විශ්වාස කරනවාද?

පිළිතුර( මට කර්මවිපාකයක්‌ පලදීලා තියෙනවා. ඒ අනුව ග්‍රහචාරය විශ්වාස කරන්න වෙනවා. මගේ සොහොයුරිය මගේ හඳහන පරීක්‍ෂා කරලා තිබෙනවා. එයා කිව්වා එයාට දැනගැනීමට ලැබුණු තොරතුරු අනුව මට හුඟාක්‌ අපල තියෙනවාලු.

මම වගේම ළමා රෝහලේ වෛද්‍යවරිය වූ දොස්‌තර ප්‍රියංගනීටත් මාරාන්තික අපල තිබිල.

ප්‍රශ්නය( ඔබ විවාහකද?

පිළිතුර( ඔව්. මම විවාහකයි. මට දරුවන් දෙදෙනෙක්‌ ඉන්නවා.

ප්‍රශ්නය( බිරිඳ ඔබ ගැන මොකද කියන්නේ.

පිළිතුර( එයා දන්නවා වෙච්ච සිද්ධිය. දැන් එයා මට දවල්ට කෑම අරගෙන එයි.

ප්‍රශ්නය( ඔබ මොන පාසලට ගියේ.

පිළිතුර( මම රාජකීය විදුහලේ ඉගෙන ගත්තේ. මගේ පත්තියේම අයත් අද මට ෙද්‍රdaහිවෙලා. මට මඩ ගහනවා. මේ හැම දේකටම හේතුව ඊර්ෂ්‍යාවයි. අනිත් අයට වඩා මම ජනප්‍රිය වුණා. මගේ ආදායම් වැඩි වුණා. ඉතින් ඒකට ඊර්ෂ්‍යායි. ඒක මේ රටේ හුඟාක්‌ මිනිසුන්ගේ ගතියනෙ.

ප්‍රශ්නය( ඔබ ප්‍රතිකාර ලබාදී තිබෙන පිරිස අතර ඇමැතිවරු ඉන්නවාද?

පිළිතුර( අපොයි ඔව්. ඇමැතිවරුන් කීප දෙනෙක්‌ ඉන්නවා. ඒ වගේම ඒගොල්ලන්ගේ නෝනලාත් ඉන්නවා. රූප සුන්දරියෝ, නළු නිළියෝ වගේම විවිධ තරාතිරමේ උදවිය මා ළඟට ඇවිත් තිබෙනවා.

මම ඇමෙරිකාවේ එක්‌කෙනෙකුට ප්‍රතිකාර කරලා රුපියල් ලක්‍ෂ 8 1/2 ක්‌ උපයනවා. ළමා රෝහලේ දොස්‌තර ප්‍රියංගනී මම මුලින්ම හඳුනාගත්තේ ජුනි මාසයේ. එදා අපි මෙම ප්‍රතිකාර ක්‍රමය ගැන කතාබහ කළා. ඊට පස්‌සේ දවසක එයා අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් දහදාහක්‌ දුන්නා. ඔය මරණය සිදුවුණේ තුන්වෙනි දවසේයි. එදා මම එයාගෙන් රුපියල් 90,000 අයකළා.

ප්‍රශ්නය( ඇය ප්‍රතිකාර ගත්තේ කුමකටද?

පිළිතුර( මුහුණේ රැලි, ලප ඉවත්කර එය වඩාත් ඔපවත් කර ගැනීමට.

ප්‍රශ්නය( ඔබ ඇමෙරිකාවේ සිටියදී මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දුන්නාද?

පිළිතුර( අපොයි නැහැ. ඒත් ඇමෙරිකාවේ වැරදි බෙහෙත් හේත් භාවිතය නිසා වසරකට විශාල සංඛ්‍යාවක්‌ මිය යනවා.

මට හංගන්න කිසිම දෙයක්‌ නැහැ.

ප්‍රශ්නය( ඔබව හමුවෙන්න බන්ධනාගාරයට මැති ඇමැතිවරු ආවද?

පිළිතුර( නැහැ... ඒත් එක්‌තරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්‌ මට නීතිඥවරයකු ලබාදීමට කාරුණික වුණා.

ප්‍රශ්නය( මාධ්‍යය ගැන ඔබ මොකද කියන්නේ?

පිළිතුර( මාධ්‍ය ගැන මම මුකුත් කියන්නේ නැහැ. මාධ්‍යවල මගේ හිතවතුන් ඉන්නවා.

(දිවයින)

Rate this item
(0 votes)
Last modified on Monday, 25 August 2014 11:35