May 13, 2024

ජනපතිවරණයට තවත් මුහුණු හතරක්

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයාට අමතරව තවත් අපේක්‍ෂකයන් සිව්දෙනකු ඉදිරිපත් කිරීමට විපක්‍ෂය සැලසුම් කරමින් සිටින බව වාර්තා වෙයි.

ඒ අනුව එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය හා මුස්‌ලිම් දේශපාලන පක්‍ෂවලින් මෙලෙස අපේක්‍ෂකයන් හතර දෙනකු ඉදිරිපත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ ජනාධිපතිවරණයට තරග කරන කිසිදු අපේක්‍ෂකයකුට ඡන්ද සියයට පනහ ඉක්‌මවා ලබා ගැනීමට ඇති අවස්‌ථාව වළක්‌වා දෙවැනි මනාපයට යෑමට අවස්‌ථාව සලසා ගැනීම බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරණයේදී දෙවැනි මනාපය ගණන් කිරීමට අවස්‌ථාව සලසා ගැනීමෙන් විපක්‍ෂයේ අපේක්‍ෂකයකුට ජනාධිපතිවරණ සටන ජයගත හැකි බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.

Rate this item
(0 votes)