May 12, 2024

එජාපය "අළුත් ගිවිසුම්" එකඟතාවයක

ඉදිරියේදී පැවැත්වෙන ජාතික මැතිවරණයකදී කටයුතු කරන ආකාරය හා පත්වන ආණ්ඩුව යටතේ ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ සමග අවබෝධතා ගිවිසුම් ඇති කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර ඇත. 

එමෙන්ම සුළු ජාතික පක්ෂ හා සංවිධාන මෙන්ම ආගමික සංවිධාන සමගද මේ පිළිබඳ එකඟතාවකට පැමිණීමට නියමිත අතර එක්සත් ජාතික පක්ෂය ඉකුත් සතියේදී මුස්ලිම් හා දෙමළ සංවිධාන කිහිපයක් හමුවී මේ සම්බන්ධව සාකච්ඡා කර ඇත. 

එම සංවිධාන වෙත පක්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කර ඇති අතර ඊට සහය දෙන බවට එම සංවිධාන එකඟතාවය පළකර තිබේ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, දූෂණය, වංචාව, ජාතිවාදය නැතිකොට ජනතාවගේ පැවැත්ම උදෙසා ආදායම් වැඩි කිරීම යන කරුණු පදනම් කර ගනිමින් මෙම එකඟතාවන් ඇතිකර ගැනීමට නියමිතය.

ඉදිරි ජාතික මැතිවරණයකදී මේ සියලු පක්ෂ සහ සංවිධාන සමග එකඟතාවයෙන් කටයුතු කිරීමටද එජාපය සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

 

Rate this item
(0 votes)