May 12, 2024

පරාක්‍රම සමුද්‍රයේ 5ක් ගිලෙයි සිසුවෙකු මරුදකි 

පරාක්‍රම සමුද්‍රයේ දිය නෑමට ගිය මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගිලි මියගොස් ඇති බව පොළොන්නරුව පොලිසිය පවසයි.

කටුගස්තොට, යටියාවල ප්‍රදේශයේ සිට පොළොන්නරුව ප්‍රදේශයේ වන්දනා ගමන් ගිය පිරිසකගෙන් පුද්ගලයින් පස් දෙනෙකු මෙලෙස දියේ ගිළී ඇති අතර ඔවුන් පොළොන්නරුව පොලීසියේ ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන තිබේ. 

මෙම මිය ගිය සිසුවාගේ මරණය සම්බන්ධ වාර්තාව ලබා දීම අදාල රෝහලෙන් ප්‍රමාද කර ඇති බව වාර්තා වෙයි.

තම ඥාතීන් සමග පොළොන්නරුව නැරඹීමට ගිය මෙම පිරිස පරාක්‍රම සමුද්‍රයේ දෙකේ ඇළ සොරොව්ව අසලදී දිය නෑමේදී මෙම අනතුරට ලක්ව ඇති බව වාර්තා වෙයි.

සති හතරක් ඇතුළත මෙම ස්ථානයේ සිදු වූ සිව්වන මරණය මෙය බව පොළොන්නරු පොලිසිය පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 24 August 2014 03:13