May 11, 2024

කුෂාන් සහ ශ්‍රීමාල්ගේ අයිස් බකට් අභියෝගයෙන් තරුවලට තරු පෙන්වයි

ඉතාලියේ සිට ‘ඒෂියන් මිරර්’(aisanmirror.lk)වෙත වැඩසටහන් ලබා දෙන ‘ජංතුයි පිංතුයි’යූ ටියුබ් වෙත ජනප්‍රිය වීඩියෝ නිකුත් කරන කුෂාන් සහ ශ්‍රීමාල්ටත් අයිස් බකට් අභියෝගයක් ඉදිරිපත් කරනු ලැබුවේය.එම අභියෝගය ඔවුන් සම්පූර්ණ කර ඇත්තේ කාටත් පාඩමක් උගත හැකි ලෙසය.

ඔහුන් නැවත අභියෝගය ලබා දී ඇත්තේ දෙරණ නාලිකාවේ චතුර අල්විස්,ජනප්‍රිය බටනලා වාදක රොෂාන් සහ පොඩි මල්ලි සහ චූටි මල්ලී යන අයටයි.

ඒ අතරින් චතුර අල්විස් ඊයේ තමන්ගේ ‘ලෝකය සහ ලෝකයා’වැඩසටහනට පෙර අයිස් බකට් අභියෝගය නිම කර ඇත.(චතුරගේ අයිස් බකට් නෑම මෙතැනින් http://sinhala.asianmirror.lk/local-news/item/4797-video)

කුෂාන් සහ ශ්‍රීමාල් ALS අරමුදලට මුදල් ලබා දෙන බවද සඳහන් කර ඇත.

අනෙකුත් අයිස් බකට් අභියෝගය සම්පූර්ණ කළ තරුවලට වඩා මේ දෙදෙනා රටටටත් සමාජයටත් මේ හරහා පාඩමක් කියා දුනි.

ඒ අයිස් බකට් අභියෝගය සම්පූර්ණ කර ALSඅරමුදලටත් පෙර වෙළඳ සැළකට ගොස් ලබා ගත් පාසැල් උපකරණවලින් දුප්පත් පවුලක දූ පුතුන් සැනසීමය.

ALSඅරමුදල හඳුන්වා දුන්නේ සමාජ සත්කාරයක් උදෙසා මිස තරුවලට ‘FUN’ගන්නට නොවේ. එහෙත් අපේ රටේ ඇතැම් තරු අයිස් බකට් නාන්නේ ‘ආතල්’එකටය.

කුෂාන් සහ ශ්‍රීමාල් මෙතෙක් ගුණාත්මකව අපව පිනවූවා මෙන්ම මේ අභියෝගය සම්පූර්ණ කරමින් සිදු කළේ ද තරුවලට තරු පෙනෙන පාඩමක් ඉගැන්වීමකි.

Rate this item
(10 votes)
Last modified on Saturday, 23 August 2014 12:48