May 11, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

ඕප දූප කියන රටේ "ටිකිරි මලීත්" මලක් වුණා

සෂිනි ඉද්දමල්ගොඩ සමගින් රොනී ලීච් ගායනා කළ "ටිකිරි මලී" ගීතය සම්බන්ධයෙන් පසුගියදා අප තැබූ සටහන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයට ලක් විය. ඇතැමෙක් එය වටහාගෙන තිබුණේ රොනී ලීච් සචිනි සමග අනියම් පෙමක පැටලී සිටින ආකාරයෙනී. ඒ පිළිබඳව සහ ටිකිරි මලීගේ ප්‍රේමය පිළිබඳව අපි රොනී ලීච් සමග සාකච්ඡා කළෙමු.

 
අලුත් වීඩියෝව ගැන කොහොමද ප්‍රතිචාර ?
දැනට ලැබිලා තියෙන ප්‍රතිචාර නම් හුඟක් හොඳයි.මේක අංග සම්පූර්ණ වීඩියෝවක් නෙමෙයි.නමුත් ඉහළ මට්ටමක තිබෙනවා.ඇත්තටම සන්තෝසයි කාලෙකට පස්සේ මේ වගේ සින්දුවක් කරන්න ලැබීම ගැන. මම මේ සින්දුවට සම්බන්ධ වුණේ සෂිනිට සහයෝගයක් වශයෙන්. ලැබිලා තිබෙන ප්‍රතිචාර අනුව මට සන්තෝසයි.
 
ළඟදි මේ ගීතයට අංග සම්පූර්ණ වීඩියෝවක් කරන්න එහෙම අදහසක් නැද්ද ?
ළඟදිම කරනවා කියලා සෂිනි කිවුවා කරමු කියලා මාත් ඒකට එකඟ වුණා. 
ඒෂියන් මිරර් වෙබ් අඩවියේ මේ ගීතය ගැන තොරතුරු පළවුණාට පස්සේ ලොකු අපහසුතාවයකට මුහුණ දුන්නා කියලා ආරංච්යි. මොකක්ද වුණේ ?
ඕක ඉතින් ගණන් ගන්න දෙයක් නෙමෙයි. අපේ ලංකාවේ මින්ස්සු ඕප දූප කියන ඒවාට කැමතියිනේ. ඒ කියන්නේ නිවුස් වල තියෙන දේ හරියාකාරව මිනිස්සු කියවලා තේරුම් ගන්නේ නැහැ.මේ මොකද ? මොනවාද ලියලා තියෙන්නේ කියලා ඔලුවට ගන්න ඉස්සෙල්ලා ඒක පතුරලා ඉවරයි.ආ.. මෙහෙමයි මෙහෙමයි.. කියලා නරක දේවල්මයි පතුරන්නේ. එත් ඇත්තටම සින්දුව ගැන තමයි ඔයගොල්ලෝ ලියලා තිබ්බේ. එත් කට්ටිය හිතුවෙ මගේ අනියම් ප්‍රේමයක් ගැන. කවුරුත් කළබලවෙන්න එපා.. ඒ ගීතයේ තියෙන වචන අනුව තමයි ඒ සටහන ලියලා තියෙන්නේ.
අවසාන වශයෙන් අපිට කියන්න ඉදිරියේදී තවත් නිර්මාණ එළිදක්වන්න තිබෙනවාද?
මම මාර්තු මාසයේ  CD තැටියක් නිර්මාණය කරන්න හිටියේ. හැබැයි ඒක දෙසැම්බර් මාසයට කල් ගියා. මම සින්දු 04ක් පටිගත කරලා තිබෙනවා. හැබැයි මම  CD තැටියක් කළත් දැන් CD තැටි අලෙවි වෙනවා අඩුයි. ඒ කියන්නේ මෙහෙමයි අපි රු 500 කට CD තැටියක් අලෙවි කරන්න බැලුවොත් ඒකම තියෙනවා අඩු මිලට. ඉතින් ඒ ගැන කණගාටු වෙනවා. මේ දෙසැම්බර් මාසය වෙනකොට සින්දු 04ක් කරනවා.ඒවායින් එකක් ජනප්‍රිය වුනොත් දෙවියන්ගේ පිහිටෙන් අපි ඉදිරියේදී අහමු 
 
 
(ටිකිරි මලී ගීතය පහතින් නරඹන්න)
 
Rate this item
(1 Vote)
Last modified on Monday, 25 August 2014 13:46