May 12, 2024

TNA ඉන්දියාවේදී කළ සාකච්ඡා ගැන මාධ්‍යට කියයි

මෙරට දෙමළ ජාතික සන්ධානය ඉන්දීය බලධාරීන් සමඟ සිදු කළ සාකච්ඡා සාර්ථක බව සඳහන් කරයි. එම සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසන්නේ ඉන්දීයවිදේශ ඇමතිනි සුස්මා ස්වරාජ් සහ විදේශ අමාත්‍යංශ ලේකම් සුජාතා සිංග් හමුවීදෙමළ ජාතික සන්ධානය පැවැත්වූ සාකච්ජා සාර්ථකවූ බවයි.

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පවතින වත්මන් තත්වය පිළිබඳව තොරතුරු ඔවුන් හාසාකච්ජා කළ බවත් එම ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන විවිධ ගැටළු ඔවුන්ට පෙන්වාදුන් බවත් ඔහු මාධ්‍යවේදීන්ට පවසා තිබේ.උතුරු නැගෙනහිර පලාත්වල ජන විකාශයේ වෙනස්කම් ඇති කිරීමේ අරමුණින් ශ්‍රීලංකා රජය ආරම්භ කොට ඇති වැඩසටහන් පිලිබඳවත් එම පලාත්වල සංස්කෘතික සහ භාෂාඅනන්‍යතාවයට කෙරෙන බලපෑම ගැනත් සාකච්ජා කළ බවයි සම්බන්ධන් මන්ත්‍රීවරයාගේප්‍රකාශයේ වැඩි දුරටත් සඳහන් වන්නේ.පිළිගත හැකි කිසිදු දේශපාලන විසඳුමක් කෙරෙහි රජයේ උනන්දුවක් නොමැති බව තමන්පෙන්වා දුන් බවයි ඔහු කියා සිටියේ.

දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විසදුමක්නොවුවත් එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කලද අර්ථාන්විතව බලයබෙදීමක් ඇති කිරීමට රජය අපොහොසත් වී ඇති බව තමන් මේ සාකච්ජාවේදී පෙන්වාදුන් බවත් සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසයි.

දෙමළ ජනතාවට බලපාන තවත් ගැටළු ගැන ඉන්දීය විදේශ ඇමතිනි සුස්මා ස්වරාජ් සමඟසාකච්ජා කළ බව පැවසූ ඔහු කියා සිටියේ තමන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳවඉන්දියාව කිසියම් හෝ පියවරයක් ගත යුතු බවට ඉල්ලා සිටි බවයි.එම ප්‍රශ්න සම්බන්ධයෙන් ඉන්දියාව සාධනීය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ යුතුබවයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා තවදුරටත් කියාසිටියේ.

Rate this item
(0 votes)