May 11, 2024

කොටින්ගේ ඊළම් බැංකුවෙන් ගෙවීම් කළ අය ගැන ළඟදීම එළියට

කොටින්ගේ ඊළම් බැංකුවෙන් ගෙවීම් කළ තමිල්නාඩු දේශපාලකයන් ගැන ළඟදීම හෙළි කරන බව භාරතීය ජනතා පක්‌ෂයේ නායකයකු වූ ආචාර්ය සුබ්‍රමනියම් ස්‌වාමි මෙරට මාධ්‍යට පවසා ඇති බව සඳහන් වෙයි.

ඒ මෙකී තොරතුරු තමා සතුව ඇති බවද සනාථ කරමිනි. මේ අතර සුබ්‍රමනියම් ස්‌වාමි ශ්‍රී ලංකාවේ ආරක්‌ෂක සමුළුවට සහභාගිවීම වැළැක්‌වීම සඳහා තමිල්නාඩුවේ කොටි හිතවාදීන් වූ වයිකෝ, සීමන් වැන්නවුන් අගමැති මෝදිගෙන් කළ ඉල්ලීම ද ප්‍රතික්‍ෂේප වී තිබේ.

තවද මුලතිව් බංකරයක තිබී තමිල්නාඩු කොටි හිතවාදීන්ට එල්ටීටීඊ ය (කොටි) විසින් ගෙවූ මුදල් සහ තොරතුරු ඇතුළත් ලියවිල්ලක්‌ බුද්ධි අංශවලට ලැබී ඇත.

Rate this item
(0 votes)
Last modified on Saturday, 23 August 2014 10:59